Sunday, January 19, 2014

මුළු විශ්ව සංහතියේම වාසනාවන්තයා!!!!!!!!!

        අපි ඉස්කෝලේ යන කාලෙ සිතියම් පොතක් තිබුනා ඇට්ලස් කියල . ඒකෙ අග පිටුවෙ අපේ ව්ශ්වයේ පිහිටිම ගැන පුංචි විස්තරයක් තිබුන.අපේ ඉර පිහිටල තියෙන  මන්දාකිනියෙ තරු දශ ලක්ෂ ,දශලක්ශයක් විතර ඇතියි කියල අනුමාන කරන්නෙ. අපේ මන්දාකිනිය වටකුරු පැතලි ස්වරූපයක් ගන්නා අතර එහි විශ්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයක් වන අතර ‍මධ්‍ය ඝනත්වය ආලෝක වර්ෂ 2000 ක් පමන වන බවයි සඳහන් වෙලා තියෙන්නෙ.(ආලෝක වර්ෂයක් කියන්නේ තත්පරයට සැතපුම් 186300 වේගයෙන් අවුරුද්දක් පුරා ආලෝක කිරනයනක් ගමන් කරන දුරයි). අපට ආසන්නම මංදාකිනියට දුර ආලෝ වර්ෂ දශලක්ෂ 2 ක් පමන දුරකින් ඇතියි කියලයි සැලකෙන්න‍ේ. මන්දාකිනියේ අපේ ඉර තියෙන කොටසට කියන්නේ  ක්ෂිරපතය කියලයි . ඉතිං අපේ මංදාකිනියෙ එක් ඈත  බාහුවක තනි පංගලමේ ‍බොහා්ම ස්ථායි තැනක අ‍පේ සූර්ය දිව්‍ය රාජයා වැඩ ඉන්නවා.අවුරුදු කෝටි තුන් හාරසියක් අපේ සෞරග්‍රහ මංඩලයත් අරගෙන කොහේ හරි මධ්‍යක් ව‍ටා අපි නොදන්නා පථයක ගමන් ගන්නවා ඇති.අපේ සූර්යාට තව අවුරුදු කෝටි දෙතුන්සියකට වඩා ආයුෂ තියෙනවා කියලයි මං අහල තියෙන්නේ.ඉකිං මෙච්චර කාලය ඒ පිහිටීමේ  නිරුපද්‍රිතව අපට සේවය සලසන ‍එක ලොකු වාසනාවක් නෙමෙයිද?
        ඊලඟ‍ෙට අපේ සෞරග්‍රහ මංඩලයේ අපි ඉන්න පෘතුවිය තියෙන්නෙ ජීවයට සුදුසු හොදම ස්ථානයකයි.දෙපැත්තේ තිබෙන අඟහරුවලවත් ,සිකුරු වලවත් ජීවය තියෙනවා කියල තාම සාධක නෑ අධික රශ්නයයි අධික සීතලයි නිසා ජීවයක් පවතින්න ඉඩ අඩුයි .සූර්යාගෙ ඉදං සමාන දුරකින් තියෙන අපේ චන්ද්‍ර‍ගෙත් වායු ගෝලයක් නැති අප‍ේ ගුරුත්වය වගේ හ‍යෙන් පංගුවක් තියෙන ග්‍රහ ලෝකයක් වුනත් එහි ජිවය නොමැති බව අපි දන්නවානෙ .ජිවයට අත්‍යවශ්‍ය ජලය මේ මිහිතලයේ ඇරෙන්න කොහෙවත් තියෙනවා කියල තාම හොයාගෙන නෑ.අපේ පෘතුවියේ වායුගෝලයේ සාන්ද්‍රනය ඕසෝන් වායු ස්ථරය හා අපි නොදන්න ගොඩක් හේතු මිහිමඩලේ ජීවය පැවත්මට හේතු වෙලා තියෙනවා.සුදසු කාලපරාසයක දිවා රාත්‍රිය ඇතිවීම අංශක 23.5 ඇලයට ගමන් කිරිම නිසා සෘතු විපර්යාස ඇතිවීම වගේ අපි නොදන්න දන්න කාරණා ගොඩක් නිසා අපේ පෘතුවියේ පහිටීම  වාසනාවන්ත නෙමෙයිද?
          ඊලඟට පෘතුවිය ගත්තාම සමකය ආසන්න ප්‍රදේශය තමා ජෛව විවිධත්වය වැඩියෙන්ම තියෙන රටවල් පිහිටලා තියෙන්නෙ ස්වභාවිකව ගත්තොත් රන් රිද මුතු මැනික් දියමන්ති ඛනිජතෙල් තඹ නිකල් හැම දෙයක්ම පිහිටල තියෙන්නෙ මේ සමකය ආශ්‍රිත රටවල් වලයි. ඒ වගේම උසම කන්ද සාගරයේ ගැඹුරුම තැන විශාලම කාන්තාර විශාලම තෙත් බ්ම් ආදියත්තියෙන්නෙ මේ ටිකේමයි .මං අහල තියෙන විදිහට සියළු ආගමික සාස්තෘවරුන් පහල වෙල තියෙන්නෙත් මේ සමකයේ අාසන්නයේම තමයි ඉතිං අපේ රටත්  සමකය ආසන්නයේ පිහිටීම වාසනාවක් නෙමෙයිද?
                       ඊලගට අපේ රට ගත්තාම තියෙන වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනි නෑ.මං අහල තියෙනවා ගුවන් යානයකින් ලංකාවට එන ‍බොහෝ විදේශිකයන්ඈත සිට අපේ රට පුංචි තිතක් වගේ තිබිල ක්‍රමවයන් විශාල වන විට අපේරටේ නිල්ල දැකල දෑස අයා බලනවලු මේ වගේ නිල්ල පිරිනු මනස්කාන්ත දරශනයක් දුර්ලභ ඇති.ඉතිං අපේ රට වගේ ජෛව විවිධත්වයක් තියෙන සදා හරිත දකින දකින අත සුන්දර රටක් වෙන කොහේවත් නෑ.එවන් රටක ඉපදිම වාසනාවක්ම තමයි. ඒ වගේම උතුම් බුදුදහමේ සෙවන ලැබීමත් වාසනාවක්.
  දැන් විද්‍යාවේ දියුනුවත් එක්ක වෙන කිසිිම සතෙකුට තේරුම්ගන්න බැරි මිනිස් මොලයට පමනක් තේරුම් ගත හැකි මෙම ඉහතින් සදහන් කල, කාලය හා පුමානය පිළිබද වැටහිමක් ලබාගන්න පුළුවන් වීම වාසනාවක් ‍නෙමෙයිද?. මනුස්සයො වෙලා ඉපදිලත් මෙච්චර හිතන්න මොලයක් පිහිටලත් විශ්වයේ අපිට හිමිතැන තේරුම්ගන්න බැරි කිදෙනෙක් ඉන්නවද? එහෙම පොඩ්ඩක් හරි හැගිමක් තියෙනවානම් වචනයක් වැරදුන දෙයකට මායිම් ඉනි වැටට මිනි මරා ගනිද.
  මං අහල තියෙනවා අදිකාරම් මහත්මයා ඉන්නැද්දි කියල තියෙනවා කියල මිනිස්සු තාරකා විද්‍යාව ටිකක් හරි දන්නවනම් වැට ඉනි පැලට කවදාවත් රංඩුවෙයි කියල.අපේ ලංකාව කියන්නේ පෘතුවිය ගත්තාම නොසැලකිය හැකි තරම් කුඩා රටක්(ප්‍රමානය අතින් ගත්තාම) ඉතිං මේකෙන් අක්කර පනහක් හැටක් . දාහක් හමාරක්, නින්ද ගමක් දෙකක් තියා ලංකාවෙන් භාගයක් අල්ල ගත්තත් ලෝකෙට දන්නන්න අමාරුයි. ඒගේම තමයි පෘතුවිය වගේ දාහක් විශාලයි බ්‍රහස්පති ග්‍රහයා .බ්‍රහස්පති වගේ දාහක් ලොකුයි අපේ ඉර. ඉතිං අපේ ඉර වගේ මිලියන ගනන් ලොකු තරු විශවයේ තියෙන බව කවුරුත් දන්නවා . එතකොට අපේ තරම තේරුම් ගන්න පුළුන්නේ.ප්‍රමානය ගත්තාම එහෙමයි. කාලය ගත්තාමත් එහෙමයි . පෘතුවියේ වයස අවුරුදු කෝටි හාරසියයයි නම් අපේ මිනිස් ශිෂ්ඨාචාරයටම අවුරුදු ලක්ෂයට අඩුග‍‍ොනක් තමයි තියෙන්නෙ.එතකොට ඒ ලක්සෂයත් නොසලකිය හැකි ගානක්.ඉතිං අපේ ආයුෂ අවුරුදු හැට හැත්තෑවක් කියන්නේ මොකක්ද? ඉතිං මේටික තේරුම්ගන්න ‍මොලයක් ලැබීම වාසනාවක්ම තමයි.
     ඊලගට ලංකාව ගත්තාම වියලි කලාපය තෙත් කලාපය කියල දෙකක් තියෙනවානෙ .ඇත්තටම සාපේක්ෂව ගත්තාම තෙත්කලාපයේ ඉපදිම වාසනාවක්! ඒ වාසනාවත් තියෙනවා.ඊලගට තෙත් කලාපය ගත්තාම සබරගමුවටත් විශේෂ තැනක් හම්බවෙනවා නිසැකයෙන්ම .සබරගමුවෙනුත් රත්නපුරේ ඉපදිම කරුනු නොකිව්වාට වාසනාවක් වන බව කවුරුත් දන්නවා.රත්නපුරේනුත් ඉතිං කිරිඇල්ල තමයි හොද කියල මං හිතන්නෙ. කිරිඇල්ලෙනුත් ඉතිං මං ඉන්න මුදුන්කොටුව තමයි ශ්‍රේෂ්ඨ. වැඩිය කියන්නෙ නැතිව එක කාරනයක් කියල නවතින්නම්. අ‍පේ ගමේ මනුස්සයෙක් නැතිවෙලා භූමදානය කරන්න වලක් කපනකොට ලොකු මැනික් ගලක් හම්බවුනා(හැබැයි ඒකේ හවුල්මට නෑ) ඉතිං මෙහෙම බලාගෙන යද්දි දෙයියනේ කියල කාල ඇදල ඉන්න පොඩි ජොබ් කට්ටකුත් තයෙන එකේ විශ්ව සංහතියේම වාසනාවන්තයා මමයි කියල තමයි මට හිතෙන්නේ...............

Wednesday, January 1, 2014

ඡංද හිමිකම නැද්ද?

ඔක්කෝටම සුභ අළුත් අවුරුද්දක් කියලම පටන් ගන්නම් . අවුරුද්දෙ මුල ඉඳලම දැන් ජංදහිමි නාමලේඛනය (2013) ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා . පහුගිය අවුරුද්දෙ ජූනි මා‍සෙ ඉඳල ගෙන්ගෙට ගිහිල්ල බී.සී. ආකෘති බෙදල එකතු කර ගත්ත ලියාපදිංචි අවුරුදු 18 වැඩි අයගෙ (1995ජූනි 1 වනදාට කලින් උපන්) පවුල් වශයෙන් තියෙන ලේඛනය තමයි දැන් පිටවෙලා තියෙන්නෙ.ජූනි ජූලි මාස වල මොනයම් හේතුවකින් හරි  නම ඇතුලත් කර ගන්න බැරි වුන අය හරි කෙනෙකුගෙ නමක් දානවට විරුද්ධ අය හරි හි‍ටියනම් දෙසැම්බර් මාසෙදි හිමිකම් පාන්න අවස්ථාවක් දෙනව සහකාර මැතිවරණ කොමසාරිස් තුමාල ඒ ඒ දිස්ත්‍රික්කවල ඉන්න.
          සමහර අයට තමන්ගෙ ඡන්ද හිමි කම මතක් වෙන්නෙ මැතිවරණයක් ආවහමයි.ඉතිං අපි පුරවසියො වශයෙන් සෝදිසියෙන් ඉන්න ඕනි තමන්ගෙ නම ලේඛනයේ තියෙනවද කියල. සාමාන්‍යයෙන් විවාහයෙන් පස්සෙ ගොඩක් අයගෙ නම ලියාපදිංකචියෙන් ගිලිහෙනවා. මහගෙදරින් ලියන්නෙ නෑ දැන් දුව /පුතා මෙහේ නෑ කියල. අළුත් පදිංචියේ ලියවෙන්නෙ නෑ කලින් පදිංචියේ හරි තොරතුරු නැති හින්දා. සාමාන්‍යයෙන් කලින් පදිංචි සිටි වසමේ ග්‍රාම නිලධාරිගෙන් පදිංචි හැරයාමේ ලිපියක් තිබුනොත් වඩා හොදයි . නැත්නම් කලින් පදිංචියේ ගෟහ අංකය ඇතුළු සම්පුර්න විස්තර බී.සී ආකෘතියට ඇතුලත් කරන්න ඕනි.
    විශේෂයෙන් රැකියාවලට පිට ඇවිත් ඉන්න අය, විදේශ ගත‍ වෙලා ඉන්න අය සැලකිලිමත් වෙන්න ඕනි.දැන් කාලෙ දරුවො පාසැල් වලට දාන්න පාසැල අවට පදිංචිය දාගන්න කට්ටිය උත්සාහ කරනවා . නීත්‍යානුකූලව නම් එසේ කරන්න බෑ. සාමාන්‍යනේ ශ‍ාරිරිකව තමන් ඉන්න තැන තමයි ලියාදිංචි වෙන්න පුළුවන් . ලමයි පාසැලට දාන්න දෙමවුපියන්ගෙ එක්කෙනෙක් වෙන කොහේ හරි ලියා පදිංචි වෙලා පස්සෙ දික්කසාද නඩුවලට වෙන්වෙලා හිටිය කියල ඹප්පු කරන්නත් ඒකම ඉදිරිපත් කෙරුව අවස්ථාත් තියෙනවා.
         සමහර අය ‍කොහේ හරි පාසැල කිට්ටුව ගොඩනැගිල්ලක් බදුගත්තාය කියල බදුඔප්පු ලිය‍ාගෙන ජංදය ලියාපදිංචි කරගන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් ජංද හිමි නාමලේඛනය සකසන්නේ මැතිවරණයකදි ඡංදය ප්‍රකාශ කරගන්නයි .ඒත් දැන් මෙම ලේඛනය පදිංචිය සනාථ කරගන්න භුක්තිය සනාථ කරගන්න නඩු හබ වලට පවා යොදා ගන්නවා මූලික අරමුනට‍ වෙනස්ව .
   ඉස්සර නම් ඒවගේ තටයුතු වලට ගෘහ මුලික ලැයිස්තු කියල දෙයක් තිබිල තියෙනවා ඒත් දැන් එහෙම ක්‍රමයක් නෑ.තව ප්‍රශ්නයක් තමයි ද්විත්ව ලියාපදිංචිය .සමහර අය දෙතුන් පොලකම ජංදෙ ලිය‍ාගෙන භාවිතා කරනවා. ඒත් දැන් නම් තාකෂනයට පිංසිද්ද වෙන්න ඒක අවම වෙලා ති‍යෙනවා.මං හිතන්නේ ජාතික හදුනුම්පත් අංකයට ලංකාවෙම සෝදිසියක් දැන් ක්‍රියාත්මක වෙනවා.
   මේ ක්‍රමය නිසා දැං මැතිවරණ දෙපාර්ථ‍මේන්තුවට පුළුවන් ජාතික හැදුනුම්පතේ අංකය අනුව ඹ්නෑම පුද්ගලයෙකුගෙ පදිංචිය සොයාගන්න. මැතිවරණ දෙපාර්ථමේන්තුවෙ වෙබ් පිටුවෙ පසු ගිය අවුරුද්දෙ අපිටත් හැදුනුම් පතේ අංකය අනුව ඹ්නැම කෙනෙක්ගෙ පදිංචිය බලාගන්න අවස්ථාව දීල තිබුන.දැනටනම් මං හිතන්නේ නෑ. පස්සෙ දායිද දන්නේ නෑ.එහෙම දානවනම් හරි ප්‍රයෝජනවත්.සමහර අය බැංකුවලට පොලු තියල , ලීසිං දාල වාහන අරන් පදිංචිය වෙනස් කරල මාරු වෙලා ඉන්නව.තව ගොඩක් මනමාල මහත්තුරු එනවනේ දූල ගෙනියන්න.එතකොට දුවට පුලුවන්නේ මහත්තයා ඇත්තටම ලියාපදිංවෙලා ඉන්නෙ කොහේද කියල දැන ගන්න
     කොහොම හරි දැනට ලියාපදිංචිය මගහැරුනු කෙනෙකුට කොහොමටවත් 2013 ටනම් ලියාපදිංචි වෙන්නනම් බෑ. ඒත් මේ අවුරද්දෙදිවත් දැන් උත්සාහයක් ගන්න බලන්නකෝ. නවතිමි.

Thursday, December 12, 2013

හැඳුනුම්පත අපැහැදිලිද?

ඔන්න යාළුවනේ හැඳුම්පත නැති වෙන්න ඉස්සෙල්ල කාටත් වෙන හැඳුම්පත අපැහැදිලි වී‍‍මේ රෝගයට මොනවද කරන්නේ කියල බලමු.ගොඩක් අය තවමත් භාවිතා කරන්නේ 70- 80 දශක වල නිකුත්කරපු අපැහැදිලි ජාතික හැඳුනුම්පත් .අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කලාම දෙතුන්පාරක් මුනට එබෙනවා . එක්කො ඡායාරූපය අපැහැදිලියි .එක්කො නම ගම පේන්නෙ නෑ;
               ඉතිං ඉස්සෙල්ලාම අපි කරන්න ඹ්නි අනුමත ඡායාරූප ශ‍ාලාවකින් ඡායාරෑප 06ක් ගන්න එකයි .ඉස්සරනම් භාවිතා කලේ කළු සුදු ඡායාරූප දැන් කවුරුත් දන්නවා භාවිතා කරන්නෙ වර්ණ ඡ‍ායාරූප. මොන පාටින් ගත්තත් ඉතිං වයස හංගන්න බෑ. වයසක කට්ටියටනෙ ඉතිං හැඳුනුම්පත අපැහැදිලි වෙන්නේ.ඊළඟට උප්පැන්න සහතිකයේ මෑතකදි ගත්ත මුල් පිටපතකුයි ඡායා පි‍ටපතකුයි ඕනි වෙනවා .
                     ගොඩක් අයගේ උප්පැන්නයේ නමයි උපන් දිනයයි හැඳුනුම්ප‍තේ නමයි උපන්දිනේ එක්ක ගැලපෛන්නෙ නෑ. ඉස්සර ගොඩක් වෙලාවට උප්පැන්නය නැතුවයි හැඳුනුම් පත් හදල තියෙන්නෙ.දැන්නම් අනිවාර්යයි. අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටනම් උප්පැන්නය වෙනුවට විකල්ප සහතික ඉදිරිපත් කලකහැකියි . ඒ අයට නම් මේ මොකුත් නැතිව වැඩිහිටි හැඳුනුම් පතත් ගන්න පුළුවනි.
          ඉතිං භාවිතා කල නමයි උප්පැන්නයේ නමයි වෙනස් නම් හොඳම වැ‍ඩේ තමයි තමන් උපන් තැනට අදාල ‍ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තුමාව හම්බ‍වෙන එක. ඒ යන‍කොට භාවිතා කල නම තියෙන ලිඛිත සාකෂි තුන හතරක් අරන් යන්න ඕනි. විවාහ සහතික ,දරුවන්ගේ උප්පැන්න සහතික, ඡන්ද හිමි නාමලේඛන , ඔප්පු තිරප්පු , ග්‍රාම නිලධාරි සහතිකය වගේ ඒව..
      ඒක අමාරුනම් වෙනත් නම් වලට භාවිතා කල නම ඉල්ලුම් කල හැකියි. ඒත් ඒක එච්චර ශුවර් නෑ.ඊළඟ‍ට තව ඕිනි  රුපියල් 15 මුද්දරේකුයි 30 මුද්දරයක් අලවපු ලිපිනයැති දිග ලියුම් කවරෙකුයි.
 ගොඩක් වෙලාවට භාවිතා කල උපන් දිනයයි උප්පැන්නයේ උපන් දිනය‍යි වෙනස් නම් අළුත් හැඳුනුම්පතේ අංකය වෙනස් වෙනවා . එත‍‍කොට බැංකු පොත්, EPF,ETF ව‍ගේඒව  ගන්න කරදර වෙනවා .ඒ හිංදා හැදුනුම් පත අළුත් කරන්න ඉස්සෙල්ල ඒව විසඳගන්න පුළුවන් නම් හොදයි.
      හැඳුනුම්පත අපැහැදිලි හින්ද මේව කරගන්න බැරිව ඉන්නවනම් හැඳුනුම්පතේ අංකය වෙනස් උනොත් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් තුමා ලිපියක් නිකුත් කරනවා අංක දෙකම දාල. ඒ ලිපිය අදාල තැන්වලට ඉදිරිපත් කරන්න පුළුවනි.
         ඉතිං ඉහත ලිපිලේඛන ටික අදාල ග්‍රාම නිලධාරි මහතාට බාර දුන්නම හැදුනුම් පත එනකම් භාවිතා කරන්න  ඡායාරුපයක් අලවා සහතික කල රිසිට් පතක් දෙනවා.ග්‍රාම නිලධාරි මහත්තය අල්ලගන්න දැන් එච්චර අමාරුනෑ. විවේක නිවාඩු දිනය හා බදාදා හැරුනම උදේ වරුව කාර්යා‍ලයේ ඉන්නවාමයි . ටෙලි පෝන් නම්බර් ප්‍රා.ලේ කාර්යාලවල වෙබ් පිටුවලත් තියෙනවා මහිතේ.
 කො‍හොමත් අඩුපාඩු නැත්නම් මාස දෙකක් තුනක් යනකොට හැදුනුම්පත ගෙදරටම එනවා .ඉතිං හදිසි විභාග කටයුත්තකට විදේශ ගමන් බලපත්‍රය ලබාගැනිමට වා‍ගේ හදිසියට හැදුනුම්පතේ අනුපිටපතක් ලබාගන්න එක්දින සේවයක් පුද්ගලයන් ලියා පදිංචි කිරිමේ දෙපාර්ත‍මේන්තුවෙ ක්‍රිය‍ාත්මක වෙනවා. ඒකෙන් ගන්න නම් අවශ්‍ය කාරනය ග්‍රාම නිලධාරි සහතික කරල ‍ප්‍රාදේශිය ලේකම් තුමා හම්බ වෙලා කාරණය පැහැදිලි කරල කියල ඉල්ලුම් පත්‍රය අතින් ගෙනිහින් එක් දින සේවයෙන් ගන්න පුළුවන්.හැබැයි රුපියල් 500 ක් කොළඹ අයකරනවා .ඔන්න මං දන්න විදිහට පැහැදිලි කලා නවතිමි
හදුනුම්පත ගැන තියෙන මේකත් බලන්නමෙතනින් යන්න

Sunday, November 24, 2013

හැඳුනුම්පත නැතිවුනාද?

November 13, 2013
අද කාලෙ ‍බොහෝ දෙනෙක් ජාතිත හැදුනුම්පත නැති වෙලා මැසිවිලි නගනවා. එහෙම නැතිවුනොත් ඉස්සෙල්ලම කරන්න ඕනි තමන් පදිංචි කොට්ඨාශයේ ග්‍රම නිලධාරි මහතා (ග්‍රාම සේවක,ග්‍රාමයා,ග්‍රාම සේවා නිලධාරි නෙමෙයි) හමුවෙලා දැනුම් දෙන්න ඕනි. ඊට පස්සෙ ඔහු ලියුමක් දෙනවා තමන්ගෙ වසම අයත් පොලිස් ස්ථානයට මෙම වසමෙ පදිංචි මෙම අයගේ ජාතික හැදුනුම්පත නැතිවිම සත්‍යයක් බවත් ඒපිළිබඳ පැමිනිල්ලේ පිටපතක් නිකුත් කිරිම සුදුසුයි කියල.
අනිවාර්යයෙන් මේ පැමිනිල්ල පොලිසියේ සටහන් කලයුතුමයි .නැත්නම් සමහර ව්ට නොයේක් කරදර විදින්න වෙන‍වා. කෙනෙකුට මේ හැඳුනුම්පත පාවිච්චි කරලා හොර මැර කම් ගොඩත් තරන්න පුළුවන්. දැන් වැඩිහරියක් වෙන්නෙ මේ හැඳුනුම්පත ඉදිරිපත් කරල දුරකතන  සිම්කාඩ් අරගෙන නොයෙකුත් හොර මැර කම් වලට යොදා ගන්න එකයි. අන්තිමට පොලිසිය හොයාගෙන එන්නෙ හැඳුනුම්පතේ ලිපිනයයි. ඒ වෙලාවට පිහිටට තියෙන්නෙ පොලිසියේ පැමිනිල්ල විතරයි. ඔය කිව්වෙ එකක් විතරයි!!
ඊට පස්සේ  පොලිසියේ දාපු පැමිනිල්ලෙ පිටපතයි (සමහර පොලිසිවල නම් එදාම දෙනවා) පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව අනුමත ඡායාරූප ශාලාවකින් ගත්ත පොටෝ 06 යි. තමන්ගෙ උප්පැන්නයේ මුල්පිටපතයි ඡායා පිටපතයි.( උප්පැන්නය මෑතකදි ‍ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ගත්ත එකක්නම් වඩා හොඳයි. උප්පැන්නයේ අඩුපාඩු නම් ඉල්ලුම්පත ආපසු එවල කල්ගත වෙන්න ‍පුළුවන්) තව රුපියල් 15 මුද්දරයකුත් රුපියල් 30 මුද්දර ඇලවු දිග ලියුම් කවරෙකුයි අරගෙන ග්‍රාම නිලධාරි මහත්තයාව හම්බ වෙන්න ඕනි. තව පැරණි හැඳුනුම්පතේ අංකය තියෙන ලිඛිත සාක්ෂියක පිටපතකුත් දුන්නොත් හොඳයි.
ඡායාරූප ගනිද්දි වම් කන  පැහැදිලිව පෙනෙන සේ තියෙන්න ඕනි .විශේෂයෙන් කාන්තා පක්ෂය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනි.
හදුනුම්පතේ අනු පිටපත ඉල්ලන පු.ලි.දෙ.වි.7 ආකෘතිය නිවැරදි පුරවල , කලින් හැදුනුම්පතක් ලබාගත්බවට ඉල්ලුම්කරු විසින් කරනු ලබන ප්‍රකාශයකුත් ග්‍රාම නිලධාරි මහතා ලබාදේවි . ඒකෙ නැතිවු හැදුනුම්පතේ නිවැරදි තොරතුරු ඇතුලත් කල යුතුයි.
ඉල්ලුම්පත්‍රය පුරවද්දි කපන්නෙ කොටන්නෙ නැතිව පැහැදිලි අකුරෙන් සම්පුර්න කරල බාරදෙන්න ඕනි. නැත්නම් එක අකුරෙ වෙනසට ඉල්ලුම්පත්‍රය ප්‍රලේ කාර්යාලයයි . පු.ලි. දෙපාර්ථ‍මේන්තුවයි. ග්‍රාම නිලධාරි කාර්යාලයයි ත්‍රිකෝනෙට අහුවුනොත් වැඩේ පරක්කු වෙනවා.
පැරණි හැඳුනුම්ප‍තේ නමයි උප්පැන්නයේ නමයි එකම තියෙන්න ඕනි. නැත්නම් නමේ වෙනසට දිව්රුම් ප්‍රකාශයක් ඉදිරපත් කරන්න ඕනි . හැඳුනුම්පත දෙන්නෙ උප්පැනයේ නමට පමනමයි. භාවිතා කල නමයි උප්පැන්නයේ නමයි වෙනස් නම් හොඳම දේ තමා උප්පැන්වයේ නම  සංශෝධනය කර ගැනිම. ඒක කරන්නෙත් තමන් ඉපදුන තැනට අදාල ප්‍රා.ලේ. කාර්යා‍ලයේ ඉන්න අනිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තුමාට තමන් භාවිතා කල නම ඇතුලත් ලිඛිත සාක්ෂි 04 ක් (විවාහ සහතිකය,දරුවන්ගේ උප්පැන්න,අවශ්‍ය නමින් ඇති ඔප්පු , බැංකුපොත් වගේ සාක්ෂි) අරගෙන ඉල්ලුම් කි‍රිමෙනුයි. ඉතිං අපැහැදිලි හැඳුනුම්පතක් අළුත්කරන්නෙ කොහොමද කියල ඊළ‍ඟ පෝස්ට් එකෙන් බලමු.

Monday, November 11, 2013

ඇයි තාත්තෙ අපි මෙච්චර දුප්පත්!!!
  පලමුවෙන්ම විකසිත සින්ඩියට ගොඩක් ස්තුතියි මගේ ලිපිය පළකලාට . මේ කතාව මං වැඩ මුළුවකදි ඇහුව කතාවක්. බොහොම පොහොසත් තාත්ත කෙනෙක් තමන්ගෙ පොහොසත්කම පොඩි එකාට ප්‍රායෝගිකව පෙන්නන්න ඕනි කියල හිතල තමන්ගෙ දුප්පත් යාළුවෙක් ලඟ සතියක් නේවාසිකව නතර කලා.
   දැන් සතිය ගෙවිල පොඩි එකත් එක්ක ආපහු වාහනේ එන ගමන් "කොහොමද පුතා ගමන කියල ඇහුව"
පුතා කිව්ව "නෑ තාත්තෙ මං මේ කල්පනා කලේ අපේ ගෙදර එක බල්ලයි ඉන්නෙ අර කූඩුවට දාල වහල, ඒකට අර අංකල් ලගෙ ගෙදර වටේට බල්ලො පිරිල ඉන්නව"
          "අපේ ගෙදර ඉන්නෙ එක සිකියුරිටි අංකල් කෙනෙයි මොන කරදරේ වුනත් .අර අංකල්ලෑ ගෙදරට නම් මුළු ගමම සිකියුරිටි පොඩි සද්දෙටත් මුළු ගමම ඇව්ත් වටවෙනව''
       අපේ ස්විමිං පූල් ‍එකවුනත් චු‍ට්ට දුරයි හරියට පීනගන්නවත් බෑ. ඒකට අර අංකල්ලෑ ගඟනම් ඉවරයක් නැතිව තියෙනවා,"
 එහෙම කියල කොල්ල ඔය වගේ කාරනා ටිකක් කියල  දුකින් ඇහුවලු,"ඇයි තාත්තෙ අපි මෙච්චර දුප්පත් වුනේ" කියල. ඔන්න ඹ්කයි දුප්පත්කමයි පොහොසත් කමයි අතර වෙනස.සැමට ජය.........නවතිමි

Friday, November 1, 2013

මුලපිරිමි

අනුන්ගෙ බ්ලොග්ස් බලනකොට මටත් ඇත්නම් කියල සිතුනා අනිත් ඒවා වගේම!!!කස්ටිය තමන්ගෙ සබ්ජෙක්ට් එකේ වැඩපෙන්නනකොට අපිටත් බලා ඉන්නම බෑ. කොහොම උනත් වැඩ කිඩ ටික නම් නියමයි!!!!!! තියෙන ප්‍රයෝජනය කියල නිමක් කරන්න බෑ. මේ වගේ තමන් දන්න දේවල් පුළුවන් විදිහට  අනුන්ට කියාදිම පිනක්ම තමා....අනේ බ්ලොගේ නිවන් යන්න එපා කරුවලේ...
                            ඉතින් අනුන්ගෙ හිත් වල තියෙන ඒවා කිරල මැනල කපල කොටල අපට බලන්න අවස්ථාව හදල දෙන අයටත් (ඩොංගල් අයිතිකාරයො නෙමෙයි) ඒ පිනම හම්බවෙන්න ඕනි.
    මනුස්ස සමාජයක් ඉස්සරහට යන්න නම් මෙහෙම වෙන්න ඕනි. නැත්නම් එදා කැරපොත්තා අදත් කැරපොත්තාමයි . එදා ඌරාමයි අදත් ඌරා. කූඩුවයි පැටියයි බඩයි විතරයි. ඇරපු අතක් නෑ සත්තුමයි.
          ස්වභාව ධර්මයා සත්තුන්ට තමන්ගෙ වාසභූමිය හා කාලය පිළිබදව වැඩිය දැන ගන්න ඇරල නෑ.ඒත් මනුස්සායො වෙච්ච අපිට අපේ භූමියේ ප්‍රමානය අපේ කාලය පිලිබඳව දැනගන්න තරම් මොලයක් දීල තියෙනවා. පෘතුවියේ වයස මං අහල තියෙන විදිහට අවුරුදු කෝටි 300ක් 400 විතර වෙනවා. මං හිතන්නෙ අවුරුදු ලක්ෂයක ඉතිහාසයක්  තියෙන මිනිස් ශිෂ්ඨාචාරයක් නෑ.ඉතිං ඔය ලක්ෂෙනුත් අපේ අවුරු 60- 70 කියන්නේ නිමේශයක් විතරයි. ප්‍රමානය ගැන වුනත් එච්චරයි .අපේ ලංකාව පෘතුවියේ තරම ගත්තාම නොසැලකිය හැකි තරම්.පෘතිවිය වගේ දහස් ගුනයක් ලොකුයි බ්‍රහස්පති ග්‍රහයා . බ්‍රහස්පති වගේ දහසක් ලොකුයි සුර්යයා . අපේ ඉර වාගෙ මිලියන ගනනක් ලොකු ඉරවල් අපේ මන්දාකිනියේ තයෙනවා.ඉතිං අපේ තරම හිතාගන්න පුළුවන්නේ.ඇල වෙච්ච ඉනිවැටට මරාගන්නෙ මේක තේරුම් ගන්න බැරි සත්තුම තමයි. ලංකාවම ඇල්ලුවත් වැඩක් නෑ. බොහොම චුට්ටයිනේ.අවුරුදු දාහක් හටියත් නොගිනියහැකි තරම් .
                                                                                            කොහොමහරි ගොඩගිහින් අක්කර දාහක් විතරයි .ලොකු බිල්ඩින් හතර පහකුයි වාහන ටිකකුයි අයිතිකර ගත්තා කියමුකො. කොච්චර තිබුනත් එක සැරේකට බඩ‍ට අල්ලන සුළු පුමානයනෙ කන්න පුළුවන් .එහෙම කාලත් ව්‍යායාමයක් නැත්නම මර ලෙඩනෙ. කොච්චර සුවපහසු කාමර ඇදන් තිබුනත් එකපාරකට හතර රියන හොදටම ඇති .‍කාමර ඇදන් ඔක්කම බදාගෙන නිදියන්න බැහැනේ.අන්තිමට දොස්තර මහත්යා කියන්නේත් බිම නිදාගන්න කියලනේ. වාහන කෙලියත් එහෙම තමයි . සැප වා‍හනේ ගිහින් ව්‍යායාම මැෂිමට තමයි බහින්න වෙන්නෙ.
   මෙහෙම බලනකොට අපි ගොඩක් කරන්නේ තවත් අයෙකුට ඕනි මුලික වුවමනාවන් ටික බදාගෙන ඉන්න එකනෙ . මේකට තමයි සංවර්ධනය කියන්නේ.මගේ ප්‍රථම ‍සටහන මෙසේ නවතමි.
විකසිත සිංඩිය