Sunday, November 24, 2013

හැඳුනුම්පත නැතිවුනාද?

November 13, 2013
අද කාලෙ ‍බොහෝ දෙනෙක් ජාතිත හැදුනුම්පත නැති වෙලා මැසිවිලි නගනවා. එහෙම නැතිවුනොත් ඉස්සෙල්ලම කරන්න ඕනි තමන් පදිංචි කොට්ඨාශයේ ග්‍රම නිලධාරි මහතා (ග්‍රාම සේවක,ග්‍රාමයා,ග්‍රාම සේවා නිලධාරි නෙමෙයි) හමුවෙලා දැනුම් දෙන්න ඕනි. ඊට පස්සෙ ඔහු ලියුමක් දෙනවා තමන්ගෙ වසම අයත් පොලිස් ස්ථානයට මෙම වසමෙ පදිංචි මෙම අයගේ ජාතික හැදුනුම්පත නැතිවිම සත්‍යයක් බවත් ඒපිළිබඳ පැමිනිල්ලේ පිටපතක් නිකුත් කිරිම සුදුසුයි කියල.
අනිවාර්යයෙන් මේ පැමිනිල්ල පොලිසියේ සටහන් කලයුතුමයි .නැත්නම් සමහර ව්ට නොයේක් කරදර විදින්න වෙන‍වා. කෙනෙකුට මේ හැඳුනුම්පත පාවිච්චි කරලා හොර මැර කම් ගොඩත් තරන්න පුළුවන්. දැන් වැඩිහරියක් වෙන්නෙ මේ හැඳුනුම්පත ඉදිරිපත් කරල දුරකතන  සිම්කාඩ් අරගෙන නොයෙකුත් හොර මැර කම් වලට යොදා ගන්න එකයි. අන්තිමට පොලිසිය හොයාගෙන එන්නෙ හැඳුනුම්පතේ ලිපිනයයි. ඒ වෙලාවට පිහිටට තියෙන්නෙ පොලිසියේ පැමිනිල්ල විතරයි. ඔය කිව්වෙ එකක් විතරයි!!
ඊට පස්සේ  පොලිසියේ දාපු පැමිනිල්ලෙ පිටපතයි (සමහර පොලිසිවල නම් එදාම දෙනවා) පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව අනුමත ඡායාරූප ශාලාවකින් ගත්ත පොටෝ 06 යි. තමන්ගෙ උප්පැන්නයේ මුල්පිටපතයි ඡායා පිටපතයි.( උප්පැන්නය මෑතකදි ‍ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ගත්ත එකක්නම් වඩා හොඳයි. උප්පැන්නයේ අඩුපාඩු නම් ඉල්ලුම්පත ආපසු එවල කල්ගත වෙන්න ‍පුළුවන්) තව රුපියල් 15 මුද්දරයකුත් රුපියල් 30 මුද්දර ඇලවු දිග ලියුම් කවරෙකුයි අරගෙන ග්‍රාම නිලධාරි මහත්තයාව හම්බ වෙන්න ඕනි. තව පැරණි හැඳුනුම්පතේ අංකය තියෙන ලිඛිත සාක්ෂියක පිටපතකුත් දුන්නොත් හොඳයි.
ඡායාරූප ගනිද්දි වම් කන  පැහැදිලිව පෙනෙන සේ තියෙන්න ඕනි .විශේෂයෙන් කාන්තා පක්ෂය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනි.
හදුනුම්පතේ අනු පිටපත ඉල්ලන පු.ලි.දෙ.වි.7 ආකෘතිය නිවැරදි පුරවල , කලින් හැදුනුම්පතක් ලබාගත්බවට ඉල්ලුම්කරු විසින් කරනු ලබන ප්‍රකාශයකුත් ග්‍රාම නිලධාරි මහතා ලබාදේවි . ඒකෙ නැතිවු හැදුනුම්පතේ නිවැරදි තොරතුරු ඇතුලත් කල යුතුයි.
ඉල්ලුම්පත්‍රය පුරවද්දි කපන්නෙ කොටන්නෙ නැතිව පැහැදිලි අකුරෙන් සම්පුර්න කරල බාරදෙන්න ඕනි. නැත්නම් එක අකුරෙ වෙනසට ඉල්ලුම්පත්‍රය ප්‍රලේ කාර්යාලයයි . පු.ලි. දෙපාර්ථ‍මේන්තුවයි. ග්‍රාම නිලධාරි කාර්යාලයයි ත්‍රිකෝනෙට අහුවුනොත් වැඩේ පරක්කු වෙනවා.
පැරණි හැඳුනුම්ප‍තේ නමයි උප්පැන්නයේ නමයි එකම තියෙන්න ඕනි. නැත්නම් නමේ වෙනසට දිව්රුම් ප්‍රකාශයක් ඉදිරපත් කරන්න ඕනි . හැඳුනුම්පත දෙන්නෙ උප්පැනයේ නමට පමනමයි. භාවිතා කල නමයි උප්පැන්නයේ නමයි වෙනස් නම් හොඳම දේ තමා උප්පැන්වයේ නම  සංශෝධනය කර ගැනිම. ඒක කරන්නෙත් තමන් ඉපදුන තැනට අදාල ප්‍රා.ලේ. කාර්යා‍ලයේ ඉන්න අනිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තුමාට තමන් භාවිතා කල නම ඇතුලත් ලිඛිත සාක්ෂි 04 ක් (විවාහ සහතිකය,දරුවන්ගේ උප්පැන්න,අවශ්‍ය නමින් ඇති ඔප්පු , බැංකුපොත් වගේ සාක්ෂි) අරගෙන ඉල්ලුම් කි‍රිමෙනුයි. ඉතිං අපැහැදිලි හැඳුනුම්පතක් අළුත්කරන්නෙ කොහොමද කියල ඊළ‍ඟ පෝස්ට් එකෙන් බලමු.

Monday, November 11, 2013

ඇයි තාත්තෙ අපි මෙච්චර දුප්පත්!!!
  පලමුවෙන්ම විකසිත සින්ඩියට ගොඩක් ස්තුතියි මගේ ලිපිය පළකලාට . මේ කතාව මං වැඩ මුළුවකදි ඇහුව කතාවක්. බොහොම පොහොසත් තාත්ත කෙනෙක් තමන්ගෙ පොහොසත්කම පොඩි එකාට ප්‍රායෝගිකව පෙන්නන්න ඕනි කියල හිතල තමන්ගෙ දුප්පත් යාළුවෙක් ලඟ සතියක් නේවාසිකව නතර කලා.
   දැන් සතිය ගෙවිල පොඩි එකත් එක්ක ආපහු වාහනේ එන ගමන් "කොහොමද පුතා ගමන කියල ඇහුව"
පුතා කිව්ව "නෑ තාත්තෙ මං මේ කල්පනා කලේ අපේ ගෙදර එක බල්ලයි ඉන්නෙ අර කූඩුවට දාල වහල, ඒකට අර අංකල් ලගෙ ගෙදර වටේට බල්ලො පිරිල ඉන්නව"
          "අපේ ගෙදර ඉන්නෙ එක සිකියුරිටි අංකල් කෙනෙයි මොන කරදරේ වුනත් .අර අංකල්ලෑ ගෙදරට නම් මුළු ගමම සිකියුරිටි පොඩි සද්දෙටත් මුළු ගමම ඇව්ත් වටවෙනව''
       අපේ ස්විමිං පූල් ‍එකවුනත් චු‍ට්ට දුරයි හරියට පීනගන්නවත් බෑ. ඒකට අර අංකල්ලෑ ගඟනම් ඉවරයක් නැතිව තියෙනවා,"
 එහෙම කියල කොල්ල ඔය වගේ කාරනා ටිකක් කියල  දුකින් ඇහුවලු,"ඇයි තාත්තෙ අපි මෙච්චර දුප්පත් වුනේ" කියල. ඔන්න ඹ්කයි දුප්පත්කමයි පොහොසත් කමයි අතර වෙනස.සැමට ජය.........නවතිමි

Friday, November 1, 2013

මුලපිරිමි

අනුන්ගෙ බ්ලොග්ස් බලනකොට මටත් ඇත්නම් කියල සිතුනා අනිත් ඒවා වගේම!!!කස්ටිය තමන්ගෙ සබ්ජෙක්ට් එකේ වැඩපෙන්නනකොට අපිටත් බලා ඉන්නම බෑ. කොහොම උනත් වැඩ කිඩ ටික නම් නියමයි!!!!!! තියෙන ප්‍රයෝජනය කියල නිමක් කරන්න බෑ. මේ වගේ තමන් දන්න දේවල් පුළුවන් විදිහට  අනුන්ට කියාදිම පිනක්ම තමා....අනේ බ්ලොගේ නිවන් යන්න එපා කරුවලේ...
                            ඉතින් අනුන්ගෙ හිත් වල තියෙන ඒවා කිරල මැනල කපල කොටල අපට බලන්න අවස්ථාව හදල දෙන අයටත් (ඩොංගල් අයිතිකාරයො නෙමෙයි) ඒ පිනම හම්බවෙන්න ඕනි.
    මනුස්ස සමාජයක් ඉස්සරහට යන්න නම් මෙහෙම වෙන්න ඕනි. නැත්නම් එදා කැරපොත්තා අදත් කැරපොත්තාමයි . එදා ඌරාමයි අදත් ඌරා. කූඩුවයි පැටියයි බඩයි විතරයි. ඇරපු අතක් නෑ සත්තුමයි.
          ස්වභාව ධර්මයා සත්තුන්ට තමන්ගෙ වාසභූමිය හා කාලය පිළිබදව වැඩිය දැන ගන්න ඇරල නෑ.ඒත් මනුස්සායො වෙච්ච අපිට අපේ භූමියේ ප්‍රමානය අපේ කාලය පිලිබඳව දැනගන්න තරම් මොලයක් දීල තියෙනවා. පෘතුවියේ වයස මං අහල තියෙන විදිහට අවුරුදු කෝටි 300ක් 400 විතර වෙනවා. මං හිතන්නෙ අවුරුදු ලක්ෂයක ඉතිහාසයක්  තියෙන මිනිස් ශිෂ්ඨාචාරයක් නෑ.ඉතිං ඔය ලක්ෂෙනුත් අපේ අවුරු 60- 70 කියන්නේ නිමේශයක් විතරයි. ප්‍රමානය ගැන වුනත් එච්චරයි .අපේ ලංකාව පෘතුවියේ තරම ගත්තාම නොසැලකිය හැකි තරම්.පෘතිවිය වගේ දහස් ගුනයක් ලොකුයි බ්‍රහස්පති ග්‍රහයා . බ්‍රහස්පති වගේ දහසක් ලොකුයි සුර්යයා . අපේ ඉර වාගෙ මිලියන ගනනක් ලොකු ඉරවල් අපේ මන්දාකිනියේ තයෙනවා.ඉතිං අපේ තරම හිතාගන්න පුළුවන්නේ.ඇල වෙච්ච ඉනිවැටට මරාගන්නෙ මේක තේරුම් ගන්න බැරි සත්තුම තමයි. ලංකාවම ඇල්ලුවත් වැඩක් නෑ. බොහොම චුට්ටයිනේ.අවුරුදු දාහක් හටියත් නොගිනියහැකි තරම් .
                                                                                            කොහොමහරි ගොඩගිහින් අක්කර දාහක් විතරයි .ලොකු බිල්ඩින් හතර පහකුයි වාහන ටිකකුයි අයිතිකර ගත්තා කියමුකො. කොච්චර තිබුනත් එක සැරේකට බඩ‍ට අල්ලන සුළු පුමානයනෙ කන්න පුළුවන් .එහෙම කාලත් ව්‍යායාමයක් නැත්නම මර ලෙඩනෙ. කොච්චර සුවපහසු කාමර ඇදන් තිබුනත් එකපාරකට හතර රියන හොදටම ඇති .‍කාමර ඇදන් ඔක්කම බදාගෙන නිදියන්න බැහැනේ.අන්තිමට දොස්තර මහත්යා කියන්නේත් බිම නිදාගන්න කියලනේ. වාහන කෙලියත් එහෙම තමයි . සැප වා‍හනේ ගිහින් ව්‍යායාම මැෂිමට තමයි බහින්න වෙන්නෙ.
   මෙහෙම බලනකොට අපි ගොඩක් කරන්නේ තවත් අයෙකුට ඕනි මුලික වුවමනාවන් ටික බදාගෙන ඉන්න එකනෙ . මේකට තමයි සංවර්ධනය කියන්නේ.මගේ ප්‍රථම ‍සටහන මෙසේ නවතමි.
විකසිත සිංඩිය