Monday, November 11, 2013

ඇයි තාත්තෙ අපි මෙච්චර දුප්පත්!!!
  පලමුවෙන්ම විකසිත සින්ඩියට ගොඩක් ස්තුතියි මගේ ලිපිය පළකලාට . මේ කතාව මං වැඩ මුළුවකදි ඇහුව කතාවක්. බොහොම පොහොසත් තාත්ත කෙනෙක් තමන්ගෙ පොහොසත්කම පොඩි එකාට ප්‍රායෝගිකව පෙන්නන්න ඕනි කියල හිතල තමන්ගෙ දුප්පත් යාළුවෙක් ලඟ සතියක් නේවාසිකව නතර කලා.
   දැන් සතිය ගෙවිල පොඩි එකත් එක්ක ආපහු වාහනේ එන ගමන් "කොහොමද පුතා ගමන කියල ඇහුව"
පුතා කිව්ව "නෑ තාත්තෙ මං මේ කල්පනා කලේ අපේ ගෙදර එක බල්ලයි ඉන්නෙ අර කූඩුවට දාල වහල, ඒකට අර අංකල් ලගෙ ගෙදර වටේට බල්ලො පිරිල ඉන්නව"
          "අපේ ගෙදර ඉන්නෙ එක සිකියුරිටි අංකල් කෙනෙයි මොන කරදරේ වුනත් .අර අංකල්ලෑ ගෙදරට නම් මුළු ගමම සිකියුරිටි පොඩි සද්දෙටත් මුළු ගමම ඇව්ත් වටවෙනව''
       අපේ ස්විමිං පූල් ‍එකවුනත් චු‍ට්ට දුරයි හරියට පීනගන්නවත් බෑ. ඒකට අර අංකල්ලෑ ගඟනම් ඉවරයක් නැතිව තියෙනවා,"
 එහෙම කියල කොල්ල ඔය වගේ කාරනා ටිකක් කියල  දුකින් ඇහුවලු,"ඇයි තාත්තෙ අපි මෙච්චර දුප්පත් වුනේ" කියල. ඔන්න ඹ්කයි දුප්පත්කමයි පොහොසත් කමයි අතර වෙනස.සැමට ජය.........නවතිමි

3 comments:

  1. සතුටුයි බ්ලොග් එකක් පටන් ගත්ත එකට. සමාජයට හරවත් යමක් දෙන්න. එවිට හැමෝම ඔබ සමග සැමදා සිටීවි. හිට්ස් ගැන නොසිතා හරය ගැන හිතන්න. ලැබෙන දේට වඩා දෙන දේ උතුම්.

    පටන් ගන්න කොටම ඇනෝ කොමෙන්ට් බ්ලොක් කරලා ඇයි. ඔබෙන් ලැබෙන දේ හොඳ දෙයක් නම් ඇනෝ කොමෙන්ට් බ්ලොක් කරන්න ඕන නැහැ.පම්පෝරි නොගසන්න. බ්ලොග් යනු පොරක් වීමට තිබෙන මාදයක් නොව මනුස්සයකු වීමට තියන දෙයක් බව හිතට ගන්න. ලියන්න කිසිත් නැතිනම් නොලියා ඉන්න ජරාවක් ලියනවට වඩා එය උතුම්. මල් වගේම ගල් උනත් බාරගන්න. දිග ගමනකට ආසිරි.

    ReplyDelete
  2. කරුණා කර වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න. කොමෙන්ට් කරන අයට එය කරදරයක්.
    විස්තරය මෙතනින් : http://munnamark.blogspot.com/2013/03/blogger-comment-verification.html

    ReplyDelete
  3. මේ වගේ කතාවක් ඊයකින් ආවා. සුබ පැතුම්! දිගට ම ලියන්න.

    ReplyDelete