Wednesday, January 1, 2014

ඡංද හිමිකම නැද්ද?

ඔක්කෝටම සුභ අළුත් අවුරුද්දක් කියලම පටන් ගන්නම් . අවුරුද්දෙ මුල ඉඳලම දැන් ජංදහිමි නාමලේඛනය (2013) ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙනවා . පහුගිය අවුරුද්දෙ ජූනි මා‍සෙ ඉඳල ගෙන්ගෙට ගිහිල්ල බී.සී. ආකෘති බෙදල එකතු කර ගත්ත ලියාපදිංචි අවුරුදු 18 වැඩි අයගෙ (1995ජූනි 1 වනදාට කලින් උපන්) පවුල් වශයෙන් තියෙන ලේඛනය තමයි දැන් පිටවෙලා තියෙන්නෙ.ජූනි ජූලි මාස වල මොනයම් හේතුවකින් හරි  නම ඇතුලත් කර ගන්න බැරි වුන අය හරි කෙනෙකුගෙ නමක් දානවට විරුද්ධ අය හරි හි‍ටියනම් දෙසැම්බර් මාසෙදි හිමිකම් පාන්න අවස්ථාවක් දෙනව සහකාර මැතිවරණ කොමසාරිස් තුමාල ඒ ඒ දිස්ත්‍රික්කවල ඉන්න.
          සමහර අයට තමන්ගෙ ඡන්ද හිමි කම මතක් වෙන්නෙ මැතිවරණයක් ආවහමයි.ඉතිං අපි පුරවසියො වශයෙන් සෝදිසියෙන් ඉන්න ඕනි තමන්ගෙ නම ලේඛනයේ තියෙනවද කියල. සාමාන්‍යයෙන් විවාහයෙන් පස්සෙ ගොඩක් අයගෙ නම ලියාපදිංකචියෙන් ගිලිහෙනවා. මහගෙදරින් ලියන්නෙ නෑ දැන් දුව /පුතා මෙහේ නෑ කියල. අළුත් පදිංචියේ ලියවෙන්නෙ නෑ කලින් පදිංචියේ හරි තොරතුරු නැති හින්දා. සාමාන්‍යයෙන් කලින් පදිංචි සිටි වසමේ ග්‍රාම නිලධාරිගෙන් පදිංචි හැරයාමේ ලිපියක් තිබුනොත් වඩා හොදයි . නැත්නම් කලින් පදිංචියේ ගෟහ අංකය ඇතුළු සම්පුර්න විස්තර බී.සී ආකෘතියට ඇතුලත් කරන්න ඕනි.
    විශේෂයෙන් රැකියාවලට පිට ඇවිත් ඉන්න අය, විදේශ ගත‍ වෙලා ඉන්න අය සැලකිලිමත් වෙන්න ඕනි.දැන් කාලෙ දරුවො පාසැල් වලට දාන්න පාසැල අවට පදිංචිය දාගන්න කට්ටිය උත්සාහ කරනවා . නීත්‍යානුකූලව නම් එසේ කරන්න බෑ. සාමාන්‍යනේ ශ‍ාරිරිකව තමන් ඉන්න තැන තමයි ලියාදිංචි වෙන්න පුළුවන් . ලමයි පාසැලට දාන්න දෙමවුපියන්ගෙ එක්කෙනෙක් වෙන කොහේ හරි ලියා පදිංචි වෙලා පස්සෙ දික්කසාද නඩුවලට වෙන්වෙලා හිටිය කියල ඹප්පු කරන්නත් ඒකම ඉදිරිපත් කෙරුව අවස්ථාත් තියෙනවා.
         සමහර අය ‍කොහේ හරි පාසැල කිට්ටුව ගොඩනැගිල්ලක් බදුගත්තාය කියල බදුඔප්පු ලිය‍ාගෙන ජංදය ලියාපදිංචි කරගන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් ජංද හිමි නාමලේඛනය සකසන්නේ මැතිවරණයකදි ඡංදය ප්‍රකාශ කරගන්නයි .ඒත් දැන් මෙම ලේඛනය පදිංචිය සනාථ කරගන්න භුක්තිය සනාථ කරගන්න නඩු හබ වලට පවා යොදා ගන්නවා මූලික අරමුනට‍ වෙනස්ව .
   ඉස්සර නම් ඒවගේ තටයුතු වලට ගෘහ මුලික ලැයිස්තු කියල දෙයක් තිබිල තියෙනවා ඒත් දැන් එහෙම ක්‍රමයක් නෑ.තව ප්‍රශ්නයක් තමයි ද්විත්ව ලියාපදිංචිය .සමහර අය දෙතුන් පොලකම ජංදෙ ලිය‍ාගෙන භාවිතා කරනවා. ඒත් දැන් නම් තාකෂනයට පිංසිද්ද වෙන්න ඒක අවම වෙලා ති‍යෙනවා.මං හිතන්නේ ජාතික හදුනුම්පත් අංකයට ලංකාවෙම සෝදිසියක් දැන් ක්‍රියාත්මක වෙනවා.
   මේ ක්‍රමය නිසා දැං මැතිවරණ දෙපාර්ථ‍මේන්තුවට පුළුවන් ජාතික හැදුනුම්පතේ අංකය අනුව ඹ්නෑම පුද්ගලයෙකුගෙ පදිංචිය සොයාගන්න. මැතිවරණ දෙපාර්ථමේන්තුවෙ වෙබ් පිටුවෙ පසු ගිය අවුරුද්දෙ අපිටත් හැදුනුම් පතේ අංකය අනුව ඹ්නැම කෙනෙක්ගෙ පදිංචිය බලාගන්න අවස්ථාව දීල තිබුන.දැනටනම් මං හිතන්නේ නෑ. පස්සෙ දායිද දන්නේ නෑ.එහෙම දානවනම් හරි ප්‍රයෝජනවත්.සමහර අය බැංකුවලට පොලු තියල , ලීසිං දාල වාහන අරන් පදිංචිය වෙනස් කරල මාරු වෙලා ඉන්නව.තව ගොඩක් මනමාල මහත්තුරු එනවනේ දූල ගෙනියන්න.එතකොට දුවට පුලුවන්නේ මහත්තයා ඇත්තටම ලියාපදිංවෙලා ඉන්නෙ කොහේද කියල දැන ගන්න
     කොහොම හරි දැනට ලියාපදිංචිය මගහැරුනු කෙනෙකුට කොහොමටවත් 2013 ටනම් ලියාපදිංචි වෙන්නනම් බෑ. ඒත් මේ අවුරද්දෙදිවත් දැන් උත්සාහයක් ගන්න බලන්නකෝ. නවතිමි.

3 comments:

  1. වටින දැනුවත් කිරීමක්.

    ReplyDelete
  2. ඔය චන්ද ලයිස්තු වගේ ඒවා ඩේටා බේස් ආගමනයත් එක්ක ඔයිට වඩා කාරක්‍ෂමකම සිදුවේවි.

    නමුත් පුද්ගලික තොරරුරු ආරක්‍ෂා විය යුතුයි,

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete