Thursday, December 12, 2013

හැඳුනුම්පත අපැහැදිලිද?

ඔන්න යාළුවනේ හැඳුම්පත නැති වෙන්න ඉස්සෙල්ල කාටත් වෙන හැඳුම්පත අපැහැදිලි වී‍‍මේ රෝගයට මොනවද කරන්නේ කියල බලමු.ගොඩක් අය තවමත් භාවිතා කරන්නේ 70- 80 දශක වල නිකුත්කරපු අපැහැදිලි ජාතික හැඳුනුම්පත් .අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කලාම දෙතුන්පාරක් මුනට එබෙනවා . එක්කො ඡායාරූපය අපැහැදිලියි .එක්කො නම ගම පේන්නෙ නෑ;
               ඉතිං ඉස්සෙල්ලාම අපි කරන්න ඹ්නි අනුමත ඡායාරූප ශ‍ාලාවකින් ඡායාරෑප 06ක් ගන්න එකයි .ඉස්සරනම් භාවිතා කලේ කළු සුදු ඡායාරූප දැන් කවුරුත් දන්නවා භාවිතා කරන්නෙ වර්ණ ඡ‍ායාරූප. මොන පාටින් ගත්තත් ඉතිං වයස හංගන්න බෑ. වයසක කට්ටියටනෙ ඉතිං හැඳුනුම්පත අපැහැදිලි වෙන්නේ.ඊළඟට උප්පැන්න සහතිකයේ මෑතකදි ගත්ත මුල් පිටපතකුයි ඡායා පි‍ටපතකුයි ඕනි වෙනවා .
                     ගොඩක් අයගේ උප්පැන්නයේ නමයි උපන් දිනයයි හැඳුනුම්ප‍තේ නමයි උපන්දිනේ එක්ක ගැලපෛන්නෙ නෑ. ඉස්සර ගොඩක් වෙලාවට උප්පැන්නය නැතුවයි හැඳුනුම් පත් හදල තියෙන්නෙ.දැන්නම් අනිවාර්යයි. අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටනම් උප්පැන්නය වෙනුවට විකල්ප සහතික ඉදිරිපත් කලකහැකියි . ඒ අයට නම් මේ මොකුත් නැතිව වැඩිහිටි හැඳුනුම් පතත් ගන්න පුළුවනි.
          ඉතිං භාවිතා කල නමයි උප්පැන්නයේ නමයි වෙනස් නම් හොඳම වැ‍ඩේ තමයි තමන් උපන් තැනට අදාල ‍ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තුමාව හම්බ‍වෙන එක. ඒ යන‍කොට භාවිතා කල නම තියෙන ලිඛිත සාකෂි තුන හතරක් අරන් යන්න ඕනි. විවාහ සහතික ,දරුවන්ගේ උප්පැන්න සහතික, ඡන්ද හිමි නාමලේඛන , ඔප්පු තිරප්පු , ග්‍රාම නිලධාරි සහතිකය වගේ ඒව..
      ඒක අමාරුනම් වෙනත් නම් වලට භාවිතා කල නම ඉල්ලුම් කල හැකියි. ඒත් ඒක එච්චර ශුවර් නෑ.ඊළඟ‍ට තව ඕිනි  රුපියල් 15 මුද්දරේකුයි 30 මුද්දරයක් අලවපු ලිපිනයැති දිග ලියුම් කවරෙකුයි.
 ගොඩක් වෙලාවට භාවිතා කල උපන් දිනයයි උප්පැන්නයේ උපන් දිනය‍යි වෙනස් නම් අළුත් හැඳුනුම්පතේ අංකය වෙනස් වෙනවා . එත‍‍කොට බැංකු පොත්, EPF,ETF ව‍ගේඒව  ගන්න කරදර වෙනවා .ඒ හිංදා හැදුනුම් පත අළුත් කරන්න ඉස්සෙල්ල ඒව විසඳගන්න පුළුවන් නම් හොදයි.
      හැඳුනුම්පත අපැහැදිලි හින්ද මේව කරගන්න බැරිව ඉන්නවනම් හැඳුනුම්පතේ අංකය වෙනස් උනොත් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් තුමා ලිපියක් නිකුත් කරනවා අංක දෙකම දාල. ඒ ලිපිය අදාල තැන්වලට ඉදිරිපත් කරන්න පුළුවනි.
         ඉතිං ඉහත ලිපිලේඛන ටික අදාල ග්‍රාම නිලධාරි මහතාට බාර දුන්නම හැදුනුම් පත එනකම් භාවිතා කරන්න  ඡායාරුපයක් අලවා සහතික කල රිසිට් පතක් දෙනවා.ග්‍රාම නිලධාරි මහත්තය අල්ලගන්න දැන් එච්චර අමාරුනෑ. විවේක නිවාඩු දිනය හා බදාදා හැරුනම උදේ වරුව කාර්යා‍ලයේ ඉන්නවාමයි . ටෙලි පෝන් නම්බර් ප්‍රා.ලේ කාර්යාලවල වෙබ් පිටුවලත් තියෙනවා මහිතේ.
 කො‍හොමත් අඩුපාඩු නැත්නම් මාස දෙකක් තුනක් යනකොට හැදුනුම්පත ගෙදරටම එනවා .ඉතිං හදිසි විභාග කටයුත්තකට විදේශ ගමන් බලපත්‍රය ලබාගැනිමට වා‍ගේ හදිසියට හැදුනුම්පතේ අනුපිටපතක් ලබාගන්න එක්දින සේවයක් පුද්ගලයන් ලියා පදිංචි කිරිමේ දෙපාර්ත‍මේන්තුවෙ ක්‍රිය‍ාත්මක වෙනවා. ඒකෙන් ගන්න නම් අවශ්‍ය කාරනය ග්‍රාම නිලධාරි සහතික කරල ‍ප්‍රාදේශිය ලේකම් තුමා හම්බ වෙලා කාරණය පැහැදිලි කරල කියල ඉල්ලුම් පත්‍රය අතින් ගෙනිහින් එක් දින සේවයෙන් ගන්න පුළුවන්.හැබැයි රුපියල් 500 ක් කොළඹ අයකරනවා .ඔන්න මං දන්න විදිහට පැහැදිලි කලා නවතිමි
හදුනුම්පත ගැන තියෙන මේකත් බලන්නමෙතනින් යන්න