Friday, November 1, 2013

මුලපිරිමි

අනුන්ගෙ බ්ලොග්ස් බලනකොට මටත් ඇත්නම් කියල සිතුනා අනිත් ඒවා වගේම!!!කස්ටිය තමන්ගෙ සබ්ජෙක්ට් එකේ වැඩපෙන්නනකොට අපිටත් බලා ඉන්නම බෑ. කොහොම උනත් වැඩ කිඩ ටික නම් නියමයි!!!!!! තියෙන ප්‍රයෝජනය කියල නිමක් කරන්න බෑ. මේ වගේ තමන් දන්න දේවල් පුළුවන් විදිහට  අනුන්ට කියාදිම පිනක්ම තමා....අනේ බ්ලොගේ නිවන් යන්න එපා කරුවලේ...
                            ඉතින් අනුන්ගෙ හිත් වල තියෙන ඒවා කිරල මැනල කපල කොටල අපට බලන්න අවස්ථාව හදල දෙන අයටත් (ඩොංගල් අයිතිකාරයො නෙමෙයි) ඒ පිනම හම්බවෙන්න ඕනි.
    මනුස්ස සමාජයක් ඉස්සරහට යන්න නම් මෙහෙම වෙන්න ඕනි. නැත්නම් එදා කැරපොත්තා අදත් කැරපොත්තාමයි . එදා ඌරාමයි අදත් ඌරා. කූඩුවයි පැටියයි බඩයි විතරයි. ඇරපු අතක් නෑ සත්තුමයි.
          ස්වභාව ධර්මයා සත්තුන්ට තමන්ගෙ වාසභූමිය හා කාලය පිළිබදව වැඩිය දැන ගන්න ඇරල නෑ.ඒත් මනුස්සායො වෙච්ච අපිට අපේ භූමියේ ප්‍රමානය අපේ කාලය පිලිබඳව දැනගන්න තරම් මොලයක් දීල තියෙනවා. පෘතුවියේ වයස මං අහල තියෙන විදිහට අවුරුදු කෝටි 300ක් 400 විතර වෙනවා. මං හිතන්නෙ අවුරුදු ලක්ෂයක ඉතිහාසයක්  තියෙන මිනිස් ශිෂ්ඨාචාරයක් නෑ.ඉතිං ඔය ලක්ෂෙනුත් අපේ අවුරු 60- 70 කියන්නේ නිමේශයක් විතරයි. ප්‍රමානය ගැන වුනත් එච්චරයි .අපේ ලංකාව පෘතුවියේ තරම ගත්තාම නොසැලකිය හැකි තරම්.පෘතිවිය වගේ දහස් ගුනයක් ලොකුයි බ්‍රහස්පති ග්‍රහයා . බ්‍රහස්පති වගේ දහසක් ලොකුයි සුර්යයා . අපේ ඉර වාගෙ මිලියන ගනනක් ලොකු ඉරවල් අපේ මන්දාකිනියේ තයෙනවා.ඉතිං අපේ තරම හිතාගන්න පුළුවන්නේ.ඇල වෙච්ච ඉනිවැටට මරාගන්නෙ මේක තේරුම් ගන්න බැරි සත්තුම තමයි. ලංකාවම ඇල්ලුවත් වැඩක් නෑ. බොහොම චුට්ටයිනේ.අවුරුදු දාහක් හටියත් නොගිනියහැකි තරම් .
                                                                                            කොහොමහරි ගොඩගිහින් අක්කර දාහක් විතරයි .ලොකු බිල්ඩින් හතර පහකුයි වාහන ටිකකුයි අයිතිකර ගත්තා කියමුකො. කොච්චර තිබුනත් එක සැරේකට බඩ‍ට අල්ලන සුළු පුමානයනෙ කන්න පුළුවන් .එහෙම කාලත් ව්‍යායාමයක් නැත්නම මර ලෙඩනෙ. කොච්චර සුවපහසු කාමර ඇදන් තිබුනත් එකපාරකට හතර රියන හොදටම ඇති .‍කාමර ඇදන් ඔක්කම බදාගෙන නිදියන්න බැහැනේ.අන්තිමට දොස්තර මහත්යා කියන්නේත් බිම නිදාගන්න කියලනේ. වාහන කෙලියත් එහෙම තමයි . සැප වා‍හනේ ගිහින් ව්‍යායාම මැෂිමට තමයි බහින්න වෙන්නෙ.
   මෙහෙම බලනකොට අපි ගොඩක් කරන්නේ තවත් අයෙකුට ඕනි මුලික වුවමනාවන් ටික බදාගෙන ඉන්න එකනෙ . මේකට තමයි සංවර්ධනය කියන්නේ.මගේ ප්‍රථම ‍සටහන මෙසේ නවතමි.
විකසිත සිංඩිය

3 comments:

  1. කාළය කෙතරම් වේගයෙන් ගියත් මනසින් උසස් සත්වයෙකුට තම ජීවිත කාළය තුල කිරීමට පුලුවන් වැඩ කොටසක් තියෙනවා.නමුත් ඒ කාළය තුල පමනට වඩා වැඩ කර යම් දෙයක් වැඩිපුර රැස් කරගත්තනම් එය වත්කමක් වෙනවා.නමුත් එම උසස් මනස ඇති සත්වයා ජීවිතයේ සැඳැ සමය වනවිට හෙම්බත්වෙලා.
    බ්ලොගයක සමාරම්බයට හොඳ දැක්මක්. වැදගත් වේවි කියල හිතෙන දේ ලියන්න.සිංහල බ්ලොගයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනගමන් රාලහාමි බ්ලොගයට සිප්සල බ්ලොගය සුභපතමි.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි!!

    ReplyDelete
  3. දාර්ශනිකයෙක් වගේ!

    අළුත් බ්ලොගයට මගේ සුභපැතුම්.

    ReplyDelete